Isuru Madhushan of Batuwangala Maha Vidyalaya
සංචාරයනම් විශිෂ්ඨයි
Written by Administrator Thursday, 07 October 2010 03:01
සංචාරයනම් විශිෂ්ඨයි
කාලෙකින් site එක පැත්තේ ආවේ. මම ඉන්දියාවේ ගියා. නැටුම් තරගයකට අප්‍රෙල් 21 තමයි ඉන්දියාවෙ ගියේ. ඉතිං දවස් 7ක් තිස්සේ ඉන්දියාවෙ සමහරතැන්වල ඇවිද්දා. ඒකට ස්තූති කරන්න ඔන ඉන්දියාවෙ ත්‍රී රෝද රථ රියදුරෙක් වන ගෝවින්දට. ඔහු අපේ නැටුම් ගුරුවරයාගේ මිත්‍රයෙක් අපිත් එක්ක ලංකාවෙන් බද්දේගම නුවර අය ගියා. ඒ අතරින් අපේ කණ්ඩායමට ඒක්වුයේ බද්දේගම අයයි. ඒ අය අපිත් ඒක්ක ගොඩාක් සුහදශිලී උනා. ඊට හේතුව අපේ නැටුම් ගුරුවරයාගේ මිත්‍රයෙක් වන චින්තන අයියා ඒ අයගේ ගුරුවරයා වීමයි. කොහොම උනත් අපිට හොද යාලුවන් ගොඩාක් අදුන ගන්න ලැබුණා. ඉමාලි අක්කා, ශෂි නංගි ,සචිනි අක්කා, ගිහාන් අයියා, ජනක මල්ලි ,යොමාෂි නංගි, නතාෂා නංගි, මේ හැමදෙනාම අදුන ගන්නට මට ලැබුණා ඒකට ගොඩාක් සතුටුයි. අපි quiescence land ගොස් එහි තිබෙන තරග වලට හොස් ඉතා නැවුම් අත්දැකීම් වලට මුහුණදීමට අවස්ථාව ලැබුණා. අපේ කලායතනයෙන් අපි නර්ථන ශිල්පීන් 26කුත් නර්ථන ශිල්පිනියන් 27කුත් මෙයට සහභාගි වූවා. මේ හැම කටයුත්තකටම අපට දිරිය දුන්නේ අපේ නැටුම් ගුරුවරයා වන දිනෙෂ් දිය්ණුගේ ගුරු පියාණන්ය. ගුරු පියාණනි, ඔබට බෙහෙවින් පින් මාව මෙම ඉන්දියානු සංචාරයට තෝරාගත්තාට.
Comments (0)
ජිවිතය ඉස්සරහට මිසක් පස්සට යන්නේ නෑ
Written by Administrator Thursday, 07 October 2010 02:54
ජිවිතය ඉස්සරහට මිසක් පස්සට යන්නේ නෑ
Mother ஸ்ரீ ලංකා තරගයට ගියා. ඉතා මහන්සි වෙලා පුහුණු වෙලා ඉතා විශිෂ්ඨ ලෙස සංවාදය අපි ඉදිරිපත් කලා. ඒ වෙලාවෙ විනිශ්ච මන්ඩලයේ අදහස වුනෙ අපේ සංවාදය professional මටිටමක තිබුණා. ඒක ඉතා හොදයි ඔයාලා ඉතා හොද දෙයක් ඔයාලා ගත්ත තොරතුරු ගත්තේ කොහෙන්ද කියලා කියන එක ඉතා හොදයි අපි පන්ඩිතයෝ නෙමෙයි අපි තොරතුරු ගත්තේ මෙතනින් කියලා කියපු එක ඉතාමත් හොදයි කියන එක තමයි ඔවුන්ගේ අදහස වුනේ ඉතිං අපට ලැබිචිච අදහස් වලට අනුව අප් හිතේ බලාපොරොත්තුව කියන එක අපේ හිතට එක්වුවා. ඒ බලාපොරොත්තුවෙන් අපි පහුවදා අරලියගහමන්දිරයට ගියා. තෙවන දෙවන ස්ථානයන් පැවසුවත් ජනාධිපති එනතුරු ප්‍රත්‍රම ස්ථානය නොකියු නිසා අපි බලා සිටියා අපට පලමු තැන ලැබෙයිද කියලා. නමුත් අප් අවාසනාවකට අපිට පැරදෙන්න සිදු වුනා. ඒ ගැන දුකක් තියෙනවා. මොකද දවස් 5 6 එලිවෙනකමි නිදි වරලා presentations හදලා අවසානයේ අපට අත්වූ ඉරණම ගැන.නමුත් සතුටු වෙනවා. අපිට පුලුවන් විදියට අපේ රට සංවර්ධනය කරන්නට අපිට හැකියාව ලැබීම ගැන.මෙ අසාදාරණය අපිට විතරක් නෙමෙයි ගොනගල මහා විද්‍යාලයටත් වුනා.අපි ඉදිරිපත් කලේ සංවාදයක් ගොනගල පාසල කලෙත් සංවාදයක්. ඒ අපිට කිව්වෙ මදර් ශ්‍රි ලංකා සංවාද තරගය කියලා. පස්සේනේ දන්නේ මේක මදර් ශ්‍රි ලංකා නාට්‍ය තරගය කියලා.මොකද අපියි ගොනගල මහා විද්‍යාලය විතරයි. සංවාද කලේ අනෙක් අය කලේ නාට්‍ය පලමු තැන ගත්ත පාසලෙන් අපි ඇහුවාම ඔයාලා කලේ සංවාදයක්ද කියලා ඔවුන්ගේ පිළිතුර වුනේ සංවාද කරලා දිනන්න බැ කියලා.ඒකියන්නේ ඔවුන් දන්නවා නාට්‍ය කරලා තමයි දිනන්න පුලුවන් කියලා. නමුත් නාට්‍යයක් තුලින් රටට දෙන්න පුලුවන් පණිවිඩය ඉතා සීමාකාරි. සංවාදයක් කියන එකෙන් දෙන්න පුලුවන් දේ වැඩියි. මොකද ලමයින් කතා කරන්නේ විවිධ මාතෘකා ඔස්සේ කතා කරනවා.ලමයින්ගේ තාක්ෂන භාවිතයත් වැඩිවෙනවා. පරිගණකය අශ්‍රිත ක්‍රියාකාරකමි තුලින් ලමයින්ගේ තාක්ෂනික දැනුමත් වර්ධනය සිදුවනවා. ඉතිං මෙ තරගය ආරමිභ වුයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මුලින්ම තරගයේදි තෝරාගත්තේ සංවාද නමුත් යමය පිට පලාත් වලට යනකොට මේක නාට්‍ය තරගය වුනා.
අපේ සංවාදය නරබා ඔබේ අදහස් දක්වන්න මෙන්න link එක
http://www.youtube.com/watch?v=tDjDEPmaSWU
Comments (0)
කවිය නුඹ .
Written by Administrator Tuesday, 01 June 2010 06:41
අහිංසක මගේ හිත
මහ හුඟක් රිඳුනාම
කඳුළු නැහැ ඇස් අඟට
හිත, කවිය නුඹ ළඟය
මගේ දුක ළඟ හිඳින
කවිය නුඹ තනි රකින
අවියක්ම විය නිබඳ
කඳුළු කැට සිඳ දමන
නොරිදතැයි සිතන අය
මගේ හිත රිදෙව්වට
දනිමි මම හොඳටෝම
කවිය හිත හදන බව
ළඟම මිතුරන් ලෙසට
හිත හැඳින ගත් අයම
පසක් කොට අහවරය
කවිය නුඹ,
මගෙ එකම සකි ලෙසට
Comments (0)
ලේ කිරි කර දෙනු බැරි විතරයි සෙනෙහස දෙගොඩ තලා ඉතිරෙයි
Last Updated on Tuesday, 01 June 2010 06:59 Written by Administrator Tuesday, 01 June 2010 06:36
ලේ කිරි කර දෙනු බැරි විතරයි සෙනෙහස දෙගොඩ තලා ඉතිරෙයි
මොහදුරට ළහිරැ මඩලක් වී
අපට සෙවනක්ව
සොයුරෙකු සේ
අපේ ජිවිත ආලෝකමත් කිරීමට
අතහිත දී
අප තෝරා ගතයුතු මාර්ගය පෙන්වමින්
එහි ගමන් කිරීමට
අත දෙමින්
පියෙකු මෙන්
අදර බැතියෙන්
සොයුරැ පෙම හිසදරා
සිප් සතරින් අපව මැනවින්
පෝශණය කිරීමට වෙර දැරැ
අපව හැරදා අප පාසලින් නික්මවී ගිය
චින්තක චන්ද්‍ර කුමාර ගුරැ පියාණනි ඔබකල
අමිල වු මෙහෙවරට අපගේ උපහාරය!
Comments (0)















