Madhushika Kaushalya,Grade12 of Batuwangala Maha Vidyalaya
ඇයි අපිට හැමෝම වළකපන්නේ.ඇයි අපි පියාඹන දුර සීමා කරන්නේ.
Written by Administrator Thursday, 16 June 2011 09:54
අද මම මේ ලිපිය ලියන්නේ ගොඩක් දුකින්. මොකද අද අපේ ඉස්කොලේට කලාපෙන් ගුරුවරු ආවා බලන්න.ඒ අය කියලා අපේ සර්ට ලැබ් එකේ වැඩකටයුතු අපේ ඉස්කොලේ වෙන මිස් කෙනෙකුට භාර දෙන්න කියලා. ඒක අපිට ලොකු ආසාධාරණයක්.මොකද ලැබ් එක මෙච්චර ඉදිරියට ගෙන ආවේ අපේ සර් ගොඩක් දුක් විදලා.ඒවා දන්නේ අපි විතරයි.අනිත් එක සර් ගාව තියෙන තරම් දැනුමක් අපේ ඉස්කොලේ වෙන එක ගුරුවරයෙකුටත් නැහැ. ඒ අය දන්නේ සර්ගේ වැඩවලට අකුල්හෙලන එක විතරයි.සර් ඒ බාධකත් එක්ක තමයි මෙච්චර දුර ආවේ.අපේ ඉස්කොලේ Computer Lab එකක් තිබුණට අපි ඒවා ගැන දැනගත්තේ අරුණ සර් ආවාම පස්සේ.අරුණ සර් අපේ ඉස්කොලේට එනකොට මම හිටියේ 9 වසරේ.එදා ඉදන් අපි අද මෙතෙක් දුර ආවේ සර්ගේ මග පෙන්වීම යටතේ තමයි.එදා ඉදන් සර් ගොඩක් මහන්සි වෙලා කට්ට කාලා තමයි ලැබ් එක ගොඩ ගත්තේ.අපි Computer එකක් අතින් ඇල්ලුවේ සර් ආවාම පස්සේ.සර් අපිට මුල ඉදන් පරිගණක ගැන කියලා දුන්නා.ඒ ආපු දුරෙන් අපි Blog,Site කරන්න පටන් ගත්තා.අපි මෙච්චර ඉහලට ආවේ අපේ සර් නිසා.
ඉතින් මෙච්චර මහන්සි වෙලා ගොඩ ගත්ත දේවල් අද ඊයේ ආපු මිස් කෙනෙකුට දීලා ලැබ් එක විනාශ වෙනවා බලාගෙන ඉන්න අපිට බෑ. අනික ඒ මිස්ට ලැබ් එක භාර දෙනවට පාසලේ කිසිම ළමයෙක් කැමති නෑ.මොකද ළමයි හැමෝම දන්නවා සර් කරපු වැඩ ටික වෙන කෙනෙකුට කරන්න බැරි බව.ඒ මිස් අවොත් වෙන එකම දේ තමයි ලැබ් එක විනාශ වෙන එක.වෙන කිසිම යහපතක් වෙන්නේ නෑ. මම හිතන්නේ ඉස්කොලේ බොහෝ දෙනාට ඔන වෙලා තියෙන්නේ ලැබ් එක පහත් තත්වයකට ඇදලා දාන්න.නැත්නම් මේ ආසාධාරණයට විසුදුම් ඉදිරිපත් කරන්න ඹ්න නේද?
සර්ට උදේ රැ කියලා වෙනසක් නෑ.කොයි වෙලෙත් ලැබ් එක ගොඩ ගන්න තමයි වැඩ කරන්නේ.සර්ගේ මුදලුත් වියදම් කරගෙන තමයි මේ හැම දෙයක්ම කලේ. සර් සර්ගේ ජිවිතේ ගැනවත් බලන්නේ නැතිව ලැබ් එක වෙනුවෙන් මහන්සි වුණා.සර් ඉස්කොලේ වෙනුවෙන් Web site, ඉස්කොලේ විදුලි බිල අඩු කරගන්න විදුලි බලාගාරයක් හැදුවා.ජල විදුලි බලාගාරයක් තියෙන එකම පාසල තමයි අපේ පාසල.මම හිතන්නේ මේ ඉස්කොලේ වෙන කාටවත් මේ වගේ වැඩක් කරන්න ශක්තියක් , ඕනකමක් තියෙනවා කියලා.ඉතින් මෙච්චර දෙවල් කරපු අපේ සර්ව ඇයි ලැබ් එකෙන් අයින් කරන්නේ.මේ වගේ දේවල් කරන්න අපේ පාසලේ වෙන කිසිම ගුරුවරයෙකු නෑ.හිටියත් ඒ කටින් විතරයි.
අපිට මෙච්චර දුක නම් අද අපේ සර්ට කොච්චර දුකක් ඇතිද එච්චර කට්ට කාලා ගොඩ ගත්ත ලැබ් කෙනෙකුට භාර දෙන්න කිව්වම.ඇත්තෙන්ම මේ චැඩ කරන්නේ අපේ ලැබ් එක ඉහළට යනවට කැමිති නැති අය. ඒ අය තමයි මේ පැත්තේ වැඩිපුර ඉන්නේ. ඒ අයට පුළුවන් වැඩ කරන මිනිස්සුන්ට වළ කපන්න විතරයි. මීට පස්සේ මම Blog එකකට ලියන්නෙත් නෑ.සර් ආපහු ලැබ් එක භාර ගත්තු දවසකට මම අයෙත් Blog එකකට ලියනවා.මොකද අපිට දුකයි අපිත් එක්ක එකට වැඩ කරන් ආපු අපේ සර් නැතිව ලැබ් එකට එන්න.ඇත්තෙන්ම කියනවනම් සුදුස්සාට සුදුසු දේ පැවරිය යුතු බව තමයි මගේ මතය.ගොඩක් දුකයි.මේ වගේ අසාධරණකම් තුලින් වෙන්නේ අහිංසක ළමයින්ට ඉදිරියට යන පාර වැසෙන එක.මම නවතිමි
Comments (0)
නායකත්ව පුහුණුව අපේ ජිවිත නව මගකට පෙරළුවා.
Written by Administrator Friday, 10 June 2011 05:00
මම අද ලියන්න හිතුවේ අපේ පාසලෙන් එක්කගෙන ගිය තවත් දැනුම සතුට පිරි ගමනක් ගැන.මේ ගමන ඇත්තෙන්ම සුන්දරයි.දැනුම සතුට පිරි තෝතැන්නක්.
ඔන්න ඉතින් අපේ පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලේ රැස්වීමක් කැදෙව්වා.ඒ වේලාවේ ශිෂ්‍යනායක මණ්ඩලයභාර සුදත් සර් අපිට කිව්වා ශිෂ්‍යනායක පුහුණුවක් ඇඹිලිපිටියේ ග්‍රාමීය නායකයන් පුහුණු කිරිමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ තියෙනවා කියලා ජුනි 02,03 දින දවස් දෙකේ.ශිෂ්‍යනායක මණ්ඩලයේ සියලු දෙනාම එහේ යන්න ලෑස්ති වෙන්න කියලා කිව්වා.අපි ඉතින් සතුටින් එහේ යන්න සියලු කටයුතු සුදානම් කර ගත්තා. අපි ඔන්න ජුනි 01 වෙනිදා උදෙන්ම එහේ යන්න පිටත් වුණා.මොකද අපිට 01 වෙනිදා සන්ද්‍යාවේ දේශනයක් තියෙන නිසා ..අපි මෙහෙන් උදෙන්ම පිටත් උනේ යන ගමන් හමුවෙන විශේෂ තැන් කිපයක් බලන්නත් ඕන නිසා. 01වෙනිදා අපි මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයට, මඩුවන්වෙල වලව්ව ට එතකොට සංඛපාල විහාරය බලන්න ආදී ස්ථාන රැසක් බලන්න ගියා.සවස 04 විතර වෙනකොට අපි ඇඹිලිපිටිය ග්‍රාමීය නායකයන් පුහුණ කිරීමේ මධ්‍යස්ථානයට ලගා වුණා. අපිට ටිකක් බය හිතුනා.මොකද අපි මීට කලින් මේ වගේ වැඩසටහන්වලට සහභාගි වෙලා නැති නිසා.ඒ ආයතනයේ හිටිය අය හරිම කරුණාවන්තයි.අපිට හැමදේටම මග පෙන්නුවා.
අපිට හරියටම රැ 7.00 ට දේශනයක් තිබුණා.පාසල් 06 ක් මේ වැඩසටහනට සහභාගී වෙලා තිබුණා.ඒ දේශනයේදී අපිට කියා දුන්නා අපි මේ ආයතනයේදී හැසිරෙන ආකාරය පිළිබදව.ඇත්තටම එක අපිට ගොඩක් වැදගත් උනා. අපිට හැමදේකටම වේලාවක් නියම කරලා තිබුණා.අවදි වෙන්න,කෑම ගන්න,ව්‍යායාම කරන්න,ජාතික ගීය ගායනා කරන්න,දේශනවලට සහභාගි වෙන්න,විනෝද ක්‍රීඩා කරන්න මේ හැමදේකටම අපිට වේලාවක් නියම කරලා තිබුණා.ඉතින් මේ රත්‍රි දේශනයේදී අපිට මේ දවස් දෙක තුල කරන ක්‍රියාකාරකම් පිළිබද ඇතුලත් කාල සටහනක් දුන්නා.අපි රත්‍රී අහාරය අරගෙන උදෙන්ම අවදී වෙලා තේ පානය කරලා ව්‍යායාම කරන්න පිට්ටනයට ගියා.ඇත්තටම ව්‍යායාම කිරීම තුලින් අපේ දවස ගොඩක් ප්‍රබෝධමත් වුණා. අපිට ව්‍යායාම පුහුණුව දුන්නේ හමුදාපතිවරයෙක්.ඊට පස්සේ අපි උදේ ආහාර අරගෙන දේශනවලට සහභාගී වුණා.ඇත්තටම ඒ දේශන ගොඩක් වැදගත් දේශන.ඒ දේශනවලින් අපිට නායකත්වය කියන්නේ මොකක්ද කියලා දුන්නා.අපි දැනගෙන හිටියේ නෑ සැබෑ නායකයෙක් කියන්න කවුද කියලා.මේ දේශන තුලින් අපිට සෑබැ නායකයෙක් කියන්නේ කවුද කයලා අපිට තේරුම් ගියා. දේශන ඉදිරිපත් කල දේශක මණ්ඩලය විහිළු තහළු කරමින් අපිට කම්මැලි නොහැදෙන්නෙ විදියට දේශන ඉදිරිපත් කලා ඉතාමත් හරවත් අයුරින්.
මම මේ වැඩසටහන් වලින් වඩාත් ප්‍රිය කල වැඩ සටහන තමයි විනෝද ක්‍රිඩා තරග.මේ වැඩසටහනට සහභාගි උන සියලු පාසල්වල සහෝදර සහෝදරියන් කණ්ඩායම් දෙකකට වෙන් කලා.මම හිටියේ පළවෙනි කණ්ඩායමේ.පළවෙනි කණ්ඩායමත් කොටස් 04 කට බෙදුවා.ඒ වගේ දෙවැනි කණ්ඩායමත් බෙදලා තිබුණා.මම වැටුණු කණ්ඩායමට අපේ ඉස්කොලෙන් හිටියේ මායි තව ළමයි දෙන්නෙකුයි විතරයි.මම ටිකක් බය උනා.මොකද මට හිතුනා මාව කොන් කරයි කියලා.මොකද මුලින්ම ඒ ළමයි මාත් එක්ක කතා කරලා නැති නිසා.කියන්න සතුටුයි කණ්ඩායමේ හිටිය ඔක්කොම අය මාත් එක්ක එකතු වුණා. අපි ඔක්කොම එකතු වෙලා අභියෝගවලට සතුටින් මුහුණ දුන්නා. කණ්ඩායම දිනවන්න ඒකා වගේ කටයුතු කලා. මේ ක්‍රිඩා තරග තුලින් විනෝදයක් ලැබුවා මෙන්ම එම සෑම එකකම නායකයෙකුට ගන්න පුළුවන් ආදර්ශ රැසක් ඉදිරිපත් වුණා.නායකයෙක් කොහොමද අනිත් අය හසුරුවන්නේ, නායකයා කොහොමද අනිත් අය යහමගට ගන්නේ , ඒ වගේම නායකයා කොහොමද කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ , විපත්තියක් උන වේලාවට නායකයා එයට මුහුණ දී අනිත් අය ඒ විපතින් මුදව ගන්නේ කොහොමද ආදී විශාල ආදර්ශ රැසක් ඒ ක්‍රිඩා තුල ගැබ් වෙලා තිබුණා. මේ තරග වලින් අපි අපේ දුර්වලතාත් හදුන ගත්තා. අපිට සෙල්ලම් කරන්න Game 04 තිබුණා. ඒ සෑම Game එකකටම නිශ්චිත වේලාවක් තිබුණා. අපිට මේ තරගවලදී අපේ බොහෝ දුර්වලතා මතු වුණා.වැඩසටහනේ පුහුණුකරුවන් අපිට අපේ තියෙන දුර්වලතා කියලා දුන්නා.ඇත්තෙන්ම මේ වැඩසටහන අපේ දුර්වලතා හදුනාගන්න බොහෝ සෙයින් උපකාර උනා කියලා කියන්න පුළුවන්.
මේ ආකාරයට දවස් 02 ම ගත වුණා.ලබාගත් අත්දඅකීම් නම් කියලා නිම කරන්න බැහැ.නායකයෙක් උනාම කොහොමද අනිත් අයට ආදර්ශමත් වන ආකාරයට වැඩ කරන්නේ, කාලයෙන් උපරිම පුයෝජන ගන්නේ කොහොමද , නායකයෙක් සතු ගුණාංග , නායකයෙකුගේ සන්නිවේදනය , නායකයෙක් විදියට සිතන්නේ කොහොමද , නායකයා ප්‍රමාද උනොත් මොකද වෙන්නේ , නායකයෙක් හැසිරෙන්නේ කොහොමද , ආදී වශයෙන් නොයෙක් දේ අපිට කියලා දුන්නා. ඉතින් පේ වැඩසටහන අවසන් වුණා.වැඩසටහන අවසන් වුණේ අපේ ප්‍රසංගයකුත් එක්ක. මේ තුලිනුත් දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාවක් අපට ලැබුණා.වැඩමුළුන අවසන් උනා.ඇත්තෙන්ම ඒ වැඩසටහන දැනුම සතුට විනෝදය සපිරි තෝතැන්නක් කියලා කියන්න පුළුවන්.
ඉතින් අපේ ගොඩක් දුර්වලතා තියෙනවා.අපි ඒවා හදා ගන්න ඕන.නායකයෙක් උනාම අනිත් අයට ආදර්ශමත් විදියට වැඩ කරන්න ඕන. නායකයා නිවැරදි මගේ ගියොත් තමයි අනිත් අයත් ඒවා බලාගෙන හැදෙන්නේ. ඉතින් අනාගත නායකයෝ වෙන්න ඕන නම් අපි අද ඉදන්ම වැඩ පටන් ගන්න ඕන.අපේ දුර්වලතා හදුන ගන්න ඕන. හදුනා ගෙන ඒ වැරදි නිවැරදි කර ගන්න ඕන.එතකොට තමයි රටට වැඩදායි පුද්ගලයො වෙන්න පුළුවන්. මෙවැනි පුහුණු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දීම අගය කල යුතු කරුණක් වනවා මෙන්න රට තුල නියම නායකයන් බිහි කරන්න මෙය එක් අවස්ථාවක් කියලා කියන්න පුළුවන්.
Comments (0)
දම් සිසිලෙන් ලොව නැහැවේවා!
Written by Administrator Sunday, 15 May 2011 18:54
සව් සත දුකින් මුදවා බිඳ සසර බැමී
සිව් සස් දම් දෙසා කළ බව අඳුර නිමී
ලොවු තුරු සුවැති සිරිපා රැසිනි තෙමි තෙමී
ගවු තම – සමන් – බහදුරු – මිනිදු නම දිමී
බුදු සිරි විසිර යන විට නයන නන්දන
බුදු ගුණ සිතට ගෙන දෙයි මිහිරි වින්දන
බුදු බණ අමරණීයයි සවන රන්දන
බුදු හිමි සැමට සරණයි නිවන කැන්දන
පිනිපොද ඉහී බුදු කරුණා බල මහිම
සැම හද කටම හිමිකර පිවිතුරු බවම
වැඳ වැඳ සුගත පද පංකජ රන් පියුම
සිරිවිද වෙසඟ, සැනසේවා! මුලු ලොවම
Comments (0)
ළඳක් වුණත් වැඩක් වේද.. අවැඩ ඇතොත් පුතේ…
Written by Administrator Sunday, 15 May 2011 18:45
බොහෝවිට නුසුදුස්සා මෙන්ම නුසුදුසු දැයෙන් යම් කාර්යයක් කෙරෙයි නම් එයින් අත්වනුයේ පලවිරහිත භාවයකි. ඇරත් එමඟින් ඇතිවන හානිය ද සුළුවෙන් තැකිය නොහේ.
කිසියම් පුද්ගලයකු ගේ හෝ කිසියම් වස්තුවක අගී බවක් දැනවෙන්නේ ඒ ඒ පුද්ගලයා ගෙන් හෝ ඒ ඒ වස්තුවෙන් ඉටුවන කාර්යභාරය අනු ව ය. ඒ කාර්යය වුවද සුදුසු තන්හි සුදුසු පරිදි සුදුසු තැනැත්තාගෙන් හෝ වස්තුවෙන් කාලීන ව සිදු නොවුව හොත් ඉන් පලක් නොවනු ඇති.
බොහෝවිට නුසුදුස්සා මෙන්ම නුසුදුසු දැයෙන් යම් කාර්යයක් කෙරෙයි නම් එයින් අත්වනුයේ පලවිරහිත භාවයකි. ඇරත් එමඟින් ඇතිවන හානිය ද සුළුවෙන් තැකිය නොහේ.
මේ හේතුව නිසාවෙනි ඇතැම් ක්‍රියාවන් උපන්ගෙයි ම මියැදෙනුයේ. එනිසා යම් වගකීමක් පැවරිය යුත්තේ හෝ පවරා ගත යුත්තේ නිසි සුදුස්සා ම තෝරාබේරාගෙන ය.
එමෙන් ම පවරා ගැනුම ද අදාළ කටයුත්ත තිරසාර ව කළ හැකි නම් පමණක් කළ යුතු ම ය. වස්තූන් කෙරෙන් ද එය ඒ අයුරින් ම සිදුවිය යුත්තේ ම ය. තවද ඉන් ලැබිය යුතු ප්‍රයෝජන නියමාකාරයෙන් නොලැබේ නම් හෝ කළ යුත්තාගෙන් යුතුකම් ඉටු නොවේ නම් හෝ ඒ වස්තුව සේම පුද්ගලයාගෙන් අවැඩක් මිස වැඩක් නොවෙයි.
එවැන්නවුන් මෙන්ම එවැනි වස්තූන් යළි යළිත් “කරපින්නා”ගෙන සිටීමෙන් ගම්‍ය වන්නේ අනුවණ කමෙකි.
මේ බව වටහා නොගත්තෝ දුවන්නන් වාලේ දුවමින් කාලය, ශ්‍රමය මෙන්ම ධනය ද නැති භංග කරගනිති.
එනිසා එවැනි පරිහානින් කාලවේලාසනින් ම වළක්වා ගැනීම ඉතා යෝග්‍ය බවට කදිම පිළිණකි මේ සීපදය ඇරැ දක්වනුයේ.
ළිඳක් වුවත් පළක් වේද
වතුර නැතොත් පුතේ
හඳක් වුවත් පළක් වේද
ඉරක් ඇතොත් පුතේ
ළඳක් වුණත් වැඩක් වේද
අවැඩ ඇතොත් පුතේ
රජෙක් වුවත් වැඩක් වේද
ලෙඩෙක් වුවොත් පුතේ
මේ සීපදය පුරාවට දනවන සංසිද්ධීන් කාහට වුවද මනාව පසක් වනු ඇති. මතු සඳහන් පරිදි පලක් නොමැති දෑ පලක්වේ යැයි යොදා ගැන්මෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවය එයින් පැනෙන්නේ.
ළිඳක් වතුර නැති කළ ඉන් ඇති ඵලය කිම? ඉරක් පායා ඇති කළ සඳක් පායා කුමට? එලෙසම කොපමණ හැඩරුව ඇති ළඳක් නමුත් අසම්මත ක්‍රියාවන්හි නිරත වේ නම් ඇගෙන් සිදුවන්නේ අයහපතක් ම විනා කවර යහපතක්ද? . සක්විති රාජ උත්තම තත්ත්වයට පාත්‍ර වූ පුද්ගලයා සදාකාලික ලෙඩෙක් නම්, ඒ රාජ්‍යයට කවර නම් පිළිසරණක් ද?
මේ අපූරු අත්දැකීම් වත්මන් සමාජ සංස්ථාවන් තුළ තිබිණි නම් කවර දෙසක් වුවද පරිහානියට පත් නොවන්නේ මැයි. එහෙයින් සුදුස්සාට සුදුසු තැන, සුදුසු දෙයින් සුදුසු කටයුතු කිරීම් හා සුදුසු අවස්ථා පසක්කර ගැනීම් ඉතා වැදගත්.
Comments (0)
සුබ නව වසරක් වේවා.!!!
Written by Administrator Friday, 08 April 2011 04:30
පිබිදුන මලේ සුවඳින් ලොව නැහැවේවා
හදවත් පුරා ඒ සුවඳම සුරැකේවා
සිතින් සිතට සෙනෙහස යළි පැතිරේවා
බිය සැක රහිත සුබ නව වසරක් වේවා

Happy New Year.
Comments (0)
More Articles...
Page 1 of 19
















