Main Menu

Log in

Who is Online

We have 2 guests online

My Visitors Counter

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday6
mod_vvisit_counterYesterday24
mod_vvisit_counterThis week66
mod_vvisit_counterLast week221
mod_vvisit_counterThis month145
mod_vvisit_counterLast month1079
mod_vvisit_counterAll days15974

Online (20 minutes ago): 2
Your IP: 38.107.179.224
,
Today: Feb 06, 2012

More Articals from My Blog

පුංචි කෙල්ලකුගේ සිතුවිලි........
ජීවිතය මට දැනෙන හැටි සහ මං ඒ ගැන සිතන හැටි....
  • ජීවිතය, සොබාදහම හා ආදරය
    ස්වභාව සෞන්දර්යයේ ලාලිත්‍යවත් රිද්මය දෙව්ලොව හා සම කරන්නට ඔබට හැකි ද? නේක වර්ණයන්ගෙන් සුපුෂ්පිත පුෂ්පයන්, කන්කලු නාද රටාවන්ගෙන් සිත මන්මත් කරනා කුරුලු කූජනයන් හා නෙත් සිත් චමත්කාරයෙන් සනහාලන ඉඳුනිල් මිණි ජල දහරාවන්… තෙරක් නොපෙනෙන අහස්තලය සිඹ සිඹ සනහන කඳු ශිඛරයන්… මේ සියල්ල හා සුසංයෝගී වූ අනේක විධ සෞන්දර්යයන් හා ඒකාත්මික වූ විට දෙව්ලොව වඩාත් සුන්දර [...]
  • වෙනස.
    ගමට කලින් හිරු වැඩියට මොළවන්නට ලිපක් කොහිද….. ළඳු දෙණිවල ඇවිද ගිහින් මිටි බඳින්න දර කොයින්ද….. රටා තියල අමදින්නට වැලි මිදුලක් මෙහෙ කොයින්ද නිල් තණකොළ හැඩට වවපු සිමෙන්ති බිම හතර වටේ වෙරළු දං හිඹුටු මෙහෙ නෑ බෙහෙතකටත් හොයා ගන්න ගෙදර යන ගමන් ගන්නට ගහෙන් කැඩුව නැවුම් ඒවා දිය පාරේ තිත්ත පැටවු උඩ පැන පැන නටන්නෙ නෑ [...]
  • ඇයිද මේ වෙනස්කම?
    මහ මෙර පලා ගෙන දිය කඳ ඇද හැලෙන කටු අතු ඉරාගෙන සුවඳැති මල් පිපෙන කොවුලන් ඇවිත් වන මැද සිට ගී ගයන හිරු දෙවි උරණ වී මහ වැසි ඇත වැටෙන මුදලට ලොවම වනයේ ගහකොළ කපන ගජමුතු සොයා ඇතු මර මර බිම දමන රසකර බුදින දිව දික්කර රස විදින වනයේ සතුන් වෙඩි උණ්ඩෙට දිවි පුදන කම්පාවෙලා මිහිකත [...]
  • දුකයි නේද?
    පුංචි දවස් වල වගේ, ඒ ආදරේට…… මම අදටත් ආදරේ නැතුව නෙමේ……. තාත්තා දන්නවද? තාත්තා කියා දීපු කතා මට……. අමතක නැතුව නෙමේ……. වැරදි වැඩ කළාම සමාව දෙන්න බැරි තරමටම මුරණ්ඩු වුනාම මගේ හිත නොරිදන්න බැරි කමට, මට බැන්නෙ නැතිව හිටිය හැටි මතක නැතිව නෙමේ…….. දකින දකින දේවල් ඉල්ලලා අඩපුවාම, අරන් දුන්නෙ නැති වුනාම තරහා වෙලා ඔය [...]
  • මොලයේ පිලිකා ඇතිවීමට ජංගම දුරකතනවල බලපෑමක් නැතිලු.
    ජංගම දුරකතන භාවිතය හේතුවෙන් මොලයේ පිළිකා ඇතිවන බවට වන අදහස අසත්‍යයක් බව ඩෙන්මාර්ක පර්යේෂකයන් පිරිසක් පවසා සිටිති.‍ මොලයේ ඇතිවන පිළිකා සහ ජංගම දුරකතන සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව ඔවුන් උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය පෙන්වා දෙයි. ඩෙන්මාර්කයේ පිළිකා අධ්‍යයන ආයතනය විසින් වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් 3,50,000කට වැඩි පිරිසක් සහභාගී කරවා ගනිමින් කරනු ලැබූ පර්යේෂණයකින් [...]
  • හැරමිටියෙන් යනතුරු…….
    ගේ පිටුපසින් හිරු බැස දුවන ඇඳිරියේ පොල් තෙල් පහන දල්වා බුදුන් ඉදිරියේ ගාතා කියන විට අප සිටින මැදිරියේ ගත සිත නිවී සැනසෙයි මදුර සොඳුරියේ කොස් දෙල් අල බතල කා සැනසී ඉඳුම තරමේ සැපක් නැහැ එයටයි හිත ඇදුම ඔබ වැනි ළඳකගේ ආදරයක බැඳුම මම මහ පිනක් කොට සළකන්නෙමි පුදුම වැඩිපුර මිනිස් පරපුර නැති වන පෙතක ගමකින් [...]

Subscribe

feed-image Feed Entries

Nirosha Lakmali,Grade 12 of Batuwangala Maha Vidyalaya.

නූතනයේ අම්මලා..........

Attention: open in a new window. PDFPrintE-mail

Written by Administrator Tuesday, 08 March 2011 11:50

ලස්සනට හැඳ පැලඳ
සාලයේ වාඩිවී
හඬන පුතු නළවන්න
පබා පෙන්නයි පුතුට

අන්න බබා පබා
අන්න බබා පබා
දරු නැළවිලි කියන
අම්මලා දැන් කොහිද

රූපවාහිනිය ළඟ
දවසේ වැඩි කාලයක්
රැඳී ඉන්නවා නිබඳ
රං දෙපැය ගෙවෙන තුරු

වසූදා... ගෞතමී... මහගෙදර... සිත්ති...


මහඑවුන් සැනසෙනවා

ජාතිය ම වැනසෙනවා
පොඩි එකා මොර දෙනවා
කිරි නැතිව - මොර දෙනවා

මෙහෙකාරියගේ ළඟ - පුතු සැනසෙනවා දැක
සැමියගේ සෙනෙහසත් - මෙහෙකාරිය ලබයි
අම්මගෙත් රං දෙපැය – පියාගෙත් රං දෙපැය
රං දෙපැය – රං දෙපැය
මහ ගෙදර ලස්සනයි
මේ ගෙදර ගිනි ගනියි.

Comments (0)
 

සීනි සම්බෝල පිරවූ බනිස් ගෙඩියක සිගරැට් කොටයක්.

Attention: open in a new window. PDFPrintE-mail

Written by Administrator Friday, 15 October 2010 12:34

මම පොත් වගයක් හොයද්දි මට පත්තර පිටුවක් හම්බ වුනා.ඒකෙ තිබුනෙ මහ පුදුම කතාවක්නෙ.මේක කියවපු කෙනෙක්ට නම් කඩවල් වලින් කන්න බයකුත් හි‍තෙයි.ඔන්න එහෙනම් අහගන්නකො කතාව.ඒකෙ ප්‍රධාන මාතෘකාව තමයි.සීනි සම්බෝල පිරවූ බනිස් ගෙඩියක සිගරැට් කොටයක්.පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සේවකයන්ට දුන් සීනි සම්බෝල පිරවූ බනිස් ගෙඩියක සිගරැට් කොටයක් තිබී හමුවීම  සම්බන්ධයෙන් කාර්යාලයේ සේවකයන් එහි සුපවේදියාට පැමිණිලි කර ඇත.

සවස තේ පානය අවස්ථාවේදී සේවකයන්ට දෙන බනිස් අතර මෙම බනිස් ගෙඩිය තිබී සේවකයන් සොයාගෙන තිබේ.සේවකයෙකු බනිස් ගෙඩියක් ආහාරයට ගැනීමට සූදානම් වූ මොහොතේදී  සීනි සම්බෝල අතර සිගරට් කොටය තිබී හමුව ඇත.අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ සේවකයන් එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛම් සමන් ලාලිත මහතාට දැනුම්දීමෙන්  පසු ඔහු මේ පිළිබද පාර්ලිමේන්තුවේ ප්‍රධාන සුපවේදියාට පැමිණිලි කර තිබේ.මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පාර්ලිමේන්තු කාර්යාලය පවසයි.

ඉතින් බලන්නකො මිනිස්සුන්ගෙ නොසැලකිලිමත් බව නිසා සිද්ද වෙලා තියෙන විපැත්තිය.සැලකිලිමත්ව වැඩ කළානම් මෙහෙම දෙයක් වෙන්නෙ නැහැනෙ.‍හොද වෙලාවටයි ඒක ඇස් පෙනෙන කෙනෙක් කෑවෙ.අන්ධ වුනු කෙනෙක් එහෙම කෑවා නම් තමයි නියම වැඩේ වෙන්නෙ.මට හිතුනා හැමෝටම දැනගන්න මේක මගේ blog එකේ ලියන්න.

Comments (0)
 

කැලෑ යක්ෂයා.

Attention: open in a new window. PDFPrintE-mail

Written by Administrator Monday, 11 October 2010 12:15

පෙර කල රුසියාවේ විසූ එක් පූජකයකු ගේ සිඟිති දියණි වරක් ඔවුන් විසූ කැලෑබද නිවසින් පිට ව කැලයේ ඇවිදින්නට ගිය නමුත් ඈ යළි පැමිණියේ නැත. මේ පුවතින් මුළු ගම ම කැලැඹිණි. වනය පීරමින් ඈ සෙවූ ගම්මුන් කිසිවකුට ඈ මුණනොගැසිණි.

මෙසේ බොහෝ කලක් ගෙවිණි. එක් නිර්භය දඩයක්කරුවෙක් එගම විය. දිනක් ඔහු කැලයේ සිය සුනඛයා ද සමඟ දඩයමකට පිටත් විය. මෙසේ යන අතරවාරයේ ඔහුට අරුම පුදුම තවත් තරුණයකු දැකගත හැකිවිය.

ඔහු ඉර අමතා කතා කරමින් සිටි අතර ඔහුගේ තරුණ බව පැවැති මුත් මුළු හිස ම හිමවන් සුදු පැහැති කෙසින් වැසී තිබිණි. ඔහු එසේ මෙසේ තරුණයකු නොවේ. ඒ කැලෑ යකෙකි. දඩයක්කරුවා වහා සිය තුවක්කුව භාවිත කෙළේය. වෙඩිල්ල කැලෑ යකාගේ උදරය පසාරු කෙළේ අසුරු සැණිනි.

මහා හඩින් මොර දුන් යකා වනය දෙවනත් කරමින් දිවයන්නට විය. යකා පසුපස සුනඛයා දිව ගිය විට දඩයක්කරුවාට මඟ නොවැරදිණි.

අවසානයේ කැලෑ යකා පියකරු යුවතියක විසූ කුඩා නිවෙසක් වෙත ආවේ ය. ඒ ගෙය පිහිටියේ ගැඹුරු වනයේ ය.

එහෙත් මේ නිවෙස වෙත වන් සැණින් යකා මැරී වැටිණි. එහි විසූ පියකරු තරුණිය අන් කිසිවකු නොව කලකට ඉහත අතුරුදන් වූ පූජක දියණියයි. ඈ පැහැරගෙන ගොස් තිබුණේ කැලෑ යකා ය.

අවසානයේ දී අභීත මෙන් ම කරුණාබර දඩයක්කරුවා නිසා ඈ ගැලවිණි. පූජක තැනට සතුටෙහි නිම්හිම් නැති විය. ඈ තම දියණි දඩයක්කරුට සරණ පාවා දුන්නේ ය. මින්පසු ඔවුන් කෙතරම් සෙව්වත් ඈ එතෙක් විසූ යක්ෂයා ගේ නිවස පිහිටි තැන එය තිබූ බවට සලකුණක්වත් සොයාගත නොහැකි විය.නපුර එසේ සදහට ම අතුරුදන් වී ගොස් තිබිණි.

Comments (0)
   

Daisy.

Attention: open in a new window. PDFPrintE-mail

Written by Administrator Thursday, 16 September 2010 09:38

Plus quern se aqua sues await omens,
nonce...
- Catullus

You were my playmate by the sea.
We swam together.
Your girl's body had no breasts.

We found prawns among the rocks;
We liked to feel the sun and to do nothing;
In the evening we played games with the others.

It made me glad to be by you.

Sometimes I kissed you,
And you were always glad to kiss me;
But I was afraid - I was only fourteen.

And I had quite forgotten you,
You and your name.

To-day I pass through the streets.
She who touches my arms and talks with me
Is - who knows? - Helen of Sparta,
Drooped, Laodamia ...

And there are you
A whore in Oxford Street.

by Richard Aldington

Comments (0)
 

The Last World.

Attention: open in a new window. PDFPrintE-mail

Written by Administrator Wednesday, 15 September 2010 13:21

Creep into thy narrow bed,
Creep, and let no more be said!
Vain thy onset! All stands fast.
Thou thyself must break at last!

Let the long contention cease!
Geese are swans, and swans are geese.
Let them have it how they will!
Thou art tired; best be still!

They out-talked thee, hissed thee, tore thee?
Better men fared thus before thee;
Fired their ringing shot and passed,
Hotly charged and sank at last.

Charge once more, then, and be dumb!
Let the victors, when they come,
When thy forts of folly fail,
Find thy body by the wall!

By Matthew Arnold

Comments (0)
   

Page 1 of 18